අද (14) අලුයම 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනය පවසන්නේ,අපරභාගයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවය.
සබරගමුව,බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේ වැසි ඇති විය හැකි බවත් තාවකාලික සුළං ඇතිවිය හැකි බවත් නිවේදනයේ සඳහන් වෙයි.

අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම නිසා දිවයින පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

















