ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද ජාත්‍යන්තර හෙද දිනය සමරයි

    මැයි 13, 2015
    ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයක් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (11) පොලොන්නරුව මහ රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණිය විසින් ආරම්භ කරනු ලැබූ හෙදකම සමරා සෑම වසරකම එතුමියගේ ජන්ම දිනය වන මැයි 12  වන දින පවත්වන අනුස්මරණ උත්සවය මෙවරද පවත්වන ලදී.
     
    මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, හෙදකම ඉතා වැදගත් දෙයක් බවත් වෙදකමට වඩා හෙදකම තුළින් රෝග සුවවීම ඉක්මන් කරගත හැකි බවත් සඳහන් කළේය. සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන මුදල් අතිගරු ජනාධිපතිතුමාතුමා විසින් වැඩිකරන බවත් ඒ තුළින් රෝහල් සේවාවේ ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කර  ඉදිරි කාලය තුළ නිරෝගිමත් පරපුරක් බිහිකිරීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක උඩගම ශ‍්‍රී ධම්මානන්ද හිමි, අන්‍යආගමික පූජකතුමන්ලා හා පළාත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ මහත්ම මහත්මීහු සහභාගී වූහ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya