ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ආයතනවල ධූර කාලය දීර්ඝ නොකෙරේ

    මැයි 14, 2015

    පළාත් පාලන ආයතන 335 අතරින් දැනට ක්‍රියාත්මකව පවතින පළාත් පාලන ආයතන 234ක ධූර කාලය සීමාව හෙටින් (15) අවසන් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්වා පළාත් පාලන ආයතනවල සභිකයින් තෝරා පත් කර ගැනීමට හැකියාව ඇති බැවින් පළාත් පාලන ආයතනවල ධූර කාලය නැවත දීර්ඝ නොකර එකී ආයතනවල ධූර කාලය අවසන් වීමට ඉඩ හැරීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    එසේම තවත් පළාත් පාලන ආයතන 65ක ධූර කාල සීමාව ලබන ජුලි 31න් ද, ලබන ඔක්තෝම්බර 16 වැනිදාට තවත් ආයතන 21ක සහ ඔක්තෝම්බර් 31 දාට ආයතනය 2ක ධූර කාලය අවසන් වේ.

     

    එකී ආයතන පාලනය වන මහනගර සභා, ආඥාපනත, නගර සභා ආඥාපනත, සහ ප්‍රාදේශීය සභා පනත යන පනත්වල විධිවිධාන ප්‍රකාරව අදාළ වන පරිදි ඒවායේ ධූර කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ හෝ කෙටි කිරීමේ හැකියාව පවතිය ද එම ආයතනවල ධූර කාලය දීර්ඝ නොකිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රාජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya