ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සහන දිරියෙන් මහනුවරට ලක්ෂ දහසක්

    මැයි 14, 2015

    නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය මගින් දියත් කරන සහන දිරිය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාලාභීන් සදහා ලක්ෂ දහසක මුදලක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇති බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති නිවාස ණය ප්‍රදානෝත්සවයෙදී පැවසීය.

    සියයට තුනක අඩු පොලී ප්‍රතිශතයක් යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබා දෙන මෙම ණය මුදල් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සම්බන්ධිකරණය කරනු ලබන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මෙහිදී වැඩි දුරටත් කතා කළ අමාත්‍යවරයා වත්මන් යහපාලන රජය යටතේ මහජනතාව වෙනුවෙන් වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද පැවසීය. ඒ යටතේ අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සදහා තම අමාත්‍යංශය මගින් සැමට සෙවන, සැමට සරණ සහ උදාගමින් උදාගමට යනුවෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දෙන ලදී.

     

    ඒ අනුව සැමට සෙවන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 3900 කට සියයට 7.3 ක සහන පොලී අනුපාතිකයක් මත රුපියල් ලක්ෂය බැගින් ණය ලබා දීමට නියමිතය. සැමට සරණ වැඩසටහන යටතේ මහනුවරින් ප්‍රතිලාභීන් 390 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙන අතර, උදාගමින් උදාගමට වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙතෙක් ඉදි කොට ඇති ගම් උදා නිවාස අලුත් වැඩියා කර ගැනීමට ණය මුදල් ලබා දීමටද නියමිතය.

     

    ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ මග පෙන්වීම් මත ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් වලදී රජයේ මැදිහත්වීමෙන් නිවාස ඉදි කිරීම් ඇතුළු අලුත්වැඩියා කටයුතු සදහා අවශ්‍ය අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය සහන මිළට ලබා දීමටත් වැලි නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    පසුගිය පාලන සමයේදී ප්‍රචාරක කටයුතු ඇතුළු අනවශ්‍ය වියදම් රැසක් සදහා සමෘද්ධි බැංකු වලින් සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් යොදවා ඇති බවත්, ඉදිරියේදී කිසිම අවස්ථාවක දුප්පත් සමෘද්ධිලාභීන්ගේ මුදල් වෙනත් කටයුතු සදහා යෙදවීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.

     

    මෙම අවස්ථාව සදහා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya