ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා පොලොන්නරුවේ පාසල්වල සංවර්ධන කටයුතු සොයාබලයි

    මැයි 18, 2015
    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය, හිඟුරක්ගොඩ මහා විදුහල, අත්තනකඩවල මහා විදුහල සහ බකමූණ මහසෙන් මහා විදුහල යන විදුහල් 04 අංගසම්පූර්ණ පාසල් වශයෙන් නවිකරණය කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පසුගියදා එම පාසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    අදාළ සියලු නිලධාරීන් සමඟ එම පාසල් නිරීක්‍ෂණය කළ අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මේ පාසල් සඳහා කොළඹ රාජකීය විදුහල හා සමගාමිව අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව උතුරු මැද පළාත තුළ පාසල් 16ක් සියලු පහසුකම් සහිතව අංගසම්පූර්ණ පාසල් බවට නවීකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු නොපමාව සිදුකරන බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
     
    තවදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, පාසල් සංවර්ධනය කිරීම තුළින් පාසලට පැමිණෙන දරුවා හොඳ මානසික පරිසරයක ජීවත්වීමට සලස්වා ඉගෙනීමේ කටයුතු නිසි අයුරින් සිදුකරමින් ඉදිරි අනාගතයේ යහපත් පුරවැසියන් බිහිකරවීම මෙහි අරමුණ බවත් පැවසීය. ඒ තුළින් දරුවන් තමන්ගේ වටිනාමකමට ඉල්ලුමක් ලබාගත හැකි ආකාරයට තම ජීවිතය හැඩගස්සවා ගන්නා බවත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට ප‍්‍රාදේශීය සභා සභාපතිවරු සහ ප‍්‍රධාන ලේකම් එච්.එන්.ආර්.බී. හේරත් මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya