ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 ව්‍යවස්ථා සංශෝධනය නිසා දැන් රජයේ සේවකයන්ට නොබියව වැඩ කරන්න පුළුවන් - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    මැයි 18, 2015

    වත්මන් රජය මුල් වී සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මින් ඉදිරි‍යට රජයේ නිලධාරීන්ට ස්වාධීනව තම රාජකාරි ඉටු කළ හැකි බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    එබැවින් ඉදිරියේදී ඇතැම් දේශපාලකයන් විසින් ලබා දෙන වැරදි තීන්දු තීරණමත ක්‍රියා නොකොට සෘජුව මහජන සේවයක් ලබා දීමට රජයේ නිලධාරින්ට හැකි බවත්, ඒ සදහා නොබියව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (18) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු‍වට සහභාගී වෙමිනි.

     

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මීට කලකට ඉහතදී සම්මත කළ 17 වැනි සංශෝධනය පසුගිය රජය අහෝසි කළත් වත්මන් රජය 19 වැනි සංශෝධනය හරහා මානව අයිතිවාසිකම් නැවතත් ශක්තිමත් කළ බව පැවසීය. එබැවින් ඉදිරියේදී සියළුම රජයේ නිලධාරීන්ට තම හිස කෙලින් තබා ගෙන රාජකාරි කළ හැකි බවද පෙන්වා දුන් අමාත්‍යවරයා යහ පාලන රජය සෑම විටම මහජන සුභ සිද්ධිය උදෙසා කටයුතු කරන බවද පැවසීය.

     

    මහනුවර සේවය කොට ස්ථාන මාරු ලැබූ හිටපු දිසාපති එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතාගේ සේවයද ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව සෙසු දිස්ත්‍රික් කමිටු වලට ආදර්ශයක් වන ලෙස පැවැත්වීමට උත්සාහ දරණ බවද පැවසීය. එහිදී රජයේ ‍නිලධාරීන්ගේ කැපවීම වැදගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා එළඹෙන කමිටුවේ සිට සෑම රජයේ ආයතනයක් මගින් සිදු කරන විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල විස්තර විනිවිද පෙනෙන ලෙස ඉදිරිපත් කරන ලෙසද දැනුම් දෙන ලදී.

     

    මහනුවර රථ වාහන තදබදය පිළිබදවද කරුණු දැක්වූ අමාත්‍යවරයා දැනට සකස් කරමින් පවතින මහනුවර නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී වසා දමා ඇති දළදා මාලිගාව අසළ මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක් තැනීම පිළිබද හැකි සැලැස්මක් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසද දැන්වීය. දළදා මාළිගාව ඉදිරියෙන් දිවෙන මාර්ගය වසා දමා ඇති බැවින් වැව රවුම පාර තුළ විශාල වාහන තදබදයක් පවතින බැවින් එම යෝජනාව ප්‍රමුඛ ව්‍යාපෘතියක් සේ සළකා කටයුතු කළ යුතු බවද පැවසීය.

     

    මෙම කමිටු රැස්වීම සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකානයක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
    MAP_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya