ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික මධ්‍යස්ථානවලදී නොමිලේ වයි-ෆයි කලාප

    මැයි 19, 2015

    දිවයින පුරා නිදහස් අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා වයිෆයි කලාප 1000ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ,  වෙළඳ මධ්‍යස්ථානවල නොමිලේ වයිෆයි කලාප පිහිටුවීමට පියවර ගෙන තිබේ.

    වෙළඳ මධ්‍යස්ථානවල නිදහස් වයිෆයි කලාප පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කළේය.

     

    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දිවයින පුරා නිදහස් අන්තර්ජාල පහසුකම් සහිත 1000 වයිෆයි කලාප පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වයිෆයි කලාප, වෙළඳ මධ්‍යස්ථානවල වෙළඳුන්ට හා ගැනුම්කරුවන්ට කිසිදු බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට හැකිවන පරිදි සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ස්ථාපනය කරනු ලබන බවයි.

     

    නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය, මරදාන ට්‍රිපොලි වෙළඳ මධ්‍යස්ථානය සහ කොළඹ කොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ සිදු දැනටමත් නිදහස් වයිෆයි පහසුකම් සපයා ඇත.

     

    මේ වන විට නිදහස් වයිෆයි කලාප 100ක් රට පුරා පිහිටුවා ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පළමු නිදහස් වයිෆයි කලාපය මාර්තු 2015 කොළඹ කොටුව දුම්රිය ස්ථානය දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ කෙරිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya