ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයන් 200දෙනෙකුට ස්ථිර පත්වීම්

    මැයි 19, 2015

    හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයන් 200දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමේ උත්සවයක් ඊයේ (18) නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පලටුපාන ලේවාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

     

    ජාතික සේවක සංගම් ශාඛාව විසින් සංවිධානය කළ මෙම උත්සවයේ දී ජාතික සේවක සංගමයට නව සාමාජිකයින් 113දෙනෙකු එක් වීම ද සිදු විය.

     

    හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවයේ නිරතව සිටිය දී ඉකුත් පාලන සමයේ දී දේශපාලන පලිගැනීම්වලට ලක්වූ 32කුට සහන ලබා දීම ද මෙහිදී සිදු කෙරිණි.

     

    අද යහපාලන රජය මේ ලේවායේ සම්පත් සූරා කෑමක් සිදු නොකරන බවත් මෙහි කම්කරුවා සතු ශක්තිය අනිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බව හා දේශපාලනීකරණයට ලක්ව තිබූ මෙම ලේවාය අද ඔබ අපේ ලේවාය ලෙස නැවතත් පොදු ජනතතාව සතු කර තිබෙන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේය.

     

    පළමුව කම්කරුවා, දෙවනුව කම්කරු ශක්තිය, තෙවැනුව සේවක අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කළ යුතු බව නව සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට තමන් උපදෙස් ලබා දුන් පැවසූ අමාත්‍යවරයා මේ ලේවායේ රුපියලක්වත් අප දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් භාවිතා නොකරන බවත් මින්මතු දේශපාලඥයන්ගේ පෝස්ටර් ගැසීමට, කොඩිවැල් ඇදීමට, මැර ප්‍රහාර එල්ල කිරීමට මේ ලේවායට අයත් වාහන යොදා නොගන්නා බවත් පැවසීය.

     

    ඉදිරි මාස 24 තුළ කිසිඳු උස් පහත්, ජාතී, ආගම්, කුල, ගෝත්‍ර, පංති, පක්ෂ භේදයකින් තොරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම පවුලකටම සිය අමාත්‍යංශය හරහා සහන, ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    මෙම ලේවායේ සේවය කරනවිට දේශපාලන පළිගැනීම්වලට භාජනය වූ අයට විවිධ සහන ලබා දුන් මෙම දිනයේ සිය පෞද්ගලික මුදලින් තවත් රුපියල් 50,000ක් පලටුපාන ලුණු ලේවායේ ජාතික සංගමයේ සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ලබා දීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

     

    ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක සේනක තෙන්නකෝන් නිලමේ, දකුණු පළාත් සභා මන්ත්‍රී පී.එච්.එන්. ලාල්චන්ද්‍ර, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කමල් සමරරත්න, ලංකා ලුණු සමාගමේ සභාපති අයුබ් ඛාන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya