ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් නැහැ - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    මැයි 19, 2015

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් එම ධූර අත්හැරීමට හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

    එසේ පක්ෂය අතහැර යාමේ අදහස් ඔවුන් හට ඇත්තේ නම් එය හුදෙක්ම ඔවුන්ගේ පෞද්ගලික වාසිය සඳහා සිදු කරන පක්ෂ මාරු කිරීමක් බවත්, එය ජාතික ආණ්ඩුවට එකතු වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ පොදු මතය නොවන බවත්, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    තවද විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටේ ආරක්ෂාව පිළිබඳ වර්තමානයේ ගැටළු පවතින බව හා ඉදිරියේදී ගැටළුවක් ඇතිවන බවත් ප්‍රචාරය වන බැවින් එවැනි ගැටළුවක් නොමැති බවත්, කිසිවිටකත් ඇති නොවන බවට සහතික වන බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ විවිධ තීන්දු තීරණ ගෙන රටේ ආරක්ෂාව තර කරන බවත්, නැවත එල් ටී ටී සංවිධානය ඉදිරියට ගෙන ඒමක් සිදු නොවන බවට පැහැදිලි විශ්වාසයක් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

     

    මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාද අදහස් දැක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya