අද (20) නිකුත් කළ කාලගුණ නිවේදනය සඳහන් කරන්නේ, දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වයක් පවතින බවයි.
ඒ අනුව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ නැඟෙනහිර හා ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන් ම කඳුකරය හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බවද කාලගුණ නිවේදයේ සඳහන් වෙයි.

බස්නාහිර, සබරගමුව,දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

















