ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලඥයාට සදාචාරයක් තිබිය යුතුයි - ඇමති එම්. එච්. ඒ. හලීම්

    මැයි 22, 2015
    රට තුළ යහපාලනයක් හා සහජීවන සමාජයක් ස්ථාපිත කිරිමට අවශ්‍ය මූලික වටපිටාව දේශපාලඥයන් විසින් සකස් කළ යුතු බව මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි. 
     
    ජාති, ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන්වීම රටක් හැටියට ඉතා අභාග්‍ය සම්පන්න බව පෙන්වාදෙන ඒ මහතා පසුගිය කාලවකවානුව පුරා බෙදී වෙන් වු ජාතියක් රට තුළ නිර්මාණය කිරිමට විවිධ පුද්ගලයන් හා සංවිධාන උත්සහ කළ බවත් ඒ තුළින් ජාතික  හා ජාත්‍යන්තර වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට අපට සිදු වු බවත් පෙන්වා දෙයි.
     
    රටක ආර්ථික හා සමාජීය සංවර්ධනයට දේශපාලනික සාමය සුවිශාල රුකුලක් වන බවත් ජාතික සංහිඳියාව හා යහපාලනය රට අවශ්‍ය මොහොතක ජාතියක් ලෙස සමස්ත ජනතාව නිවැරදි තීන්දුවක් ගනු ලැබූ බවත් අමාත්‍යවරයා කීය.
     
    මහනුවර, අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයීය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරිම වෙනුවෙන් පැවැති  උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
     
    "පසුගිය එ.ජ.ප රජය ආරම්භ කරනු ලැබු බොහෝ ව්‍යාපෘතීන්  විවෘත කරනු ලැබුවේ  සන්ධාන රජයයි. අපි ඒවාට බාධා කිරිම් හෝ සහභාගිවීම් කළේ නැහැ. අද සිසු අයිතියට පත් කරනු ලැබු  තාක්ෂණික විද්‍යාගාරය  රටේ අනාගතය වෙනුවෙන් කරනු ලැබු ආයෝජනයක් . මේවා කාගේවත් දේශපාන භූදල් නොවන බව  සියලු ම දේශපාලඥයන් මතකයේ තබා ගත යුතු යැයි ද අමාත්‍යවරයා කීය.
     
    මේ විද්‍යාලය ඉතා උසස් තත්ත්වයකට ගෙන ඒමට එවකට සිටි බොහෝ දෙනා උත්සාහ කළ බවත් අද වන විට අඩුපාඩු රැසක් නිර්මාණය වී තිබෙන අතර ම අධ්‍යාපනික වශයෙන් සිසුන් මුහුන පා ඇති  ගැටලු නිරාකරණය කරදීමට කඩිනමින් පියවර  ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya