ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2016 දී ළමා ශ්‍රමිකයින් 0%යි

    මැයි 22, 2015

    2016 දී ළමා ශ්‍රමිකයින් 0%ක් වන බවත් ඒ සම්බන්ධයෙක් ක්‍රියාත්මක වැඩසටහන් සාර්ථක වී තිබෙන බවත් කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පැවසීය.

    අවුරුදු 14ට අඩු ළමයින් රැකියාවල යෙදවීම, අවුරුදු 14 -18 අතර තරුණ අය අනතුරුදායක රැකියාවල යෙදවීම වැළැක්වීම හා ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රම යෙදවුම් තුරන් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ වැඩමුළුවක් අද (22) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහි දී එම ප්‍රතිඥාව කියවීම ද සිදු කෙරිණි.

    සියලු සංවිධාන වෘත්තීය සමිති, හාම්පුතුන් එකතු වී සිදු කරනු ලබන කටයුතු සාර්ථක වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට සමාජ, සංස්කෘතික, අගම දහම සමඟ සම්බන්ධවෙමින් දරුවන් දෙමාපියන්ට උදවු කරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමේ දැඩි උවමනාවක් දෙමාපියන්ට තිබෙන බවත් සඳහන් කළේය.

    නමුත් ඉතා සුළු පිරිසක් ආර්ථික ප්‍රශ්න මත අධ්‍යාපන කටයුතුවලින් දුරස්වීමක් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳව නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමේ ක්‍රමයක් සකස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තරයෙන් අපට එල්ල වන චෝදනාවලට ද ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වැදගත් වන බව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් හේරත් යාපා මහතා පැවසීය. සංචාරක, ධීවර, වතු ආශ්‍රිතව ළමා ශ්‍රමිකයින් හඳුනාගත් අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ග්‍රාම නිලධාරී දක්වා බිම් මට්ටමේ සිට ළමා ශ්‍රමය තුරන් කිරීමේ විශේෂ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya