ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ පලතුරු ගම්මාන වැඩසටහනක්

    මැයි 23, 2015
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්විම යටතේ  කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වාණිජ පලතුරු ගම්මාන වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ආරම්භ කොට ඇත.
     
    මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ අන්නාසි, කටු අනෝදා, දූරියන් සහ රඹුටන් ආදී පලතුරු වගා ගම්මාන ආරම්භ කිරීමට නියමිතය.
     
    ඒ අනුව අන්නාසි ගම්මාන වැඩසටහන වරකාපොළ , ගලිගමුව, රුවන්වැල්ල කොට්ඨාසය තුළ ද,  කටු අනෝදා වගාව රඹුක්කන, කෑගල්ල, වරකාපොළ කොට්ඨාසට තුළ ද,  දූරියන් වගාව ගලිගමුව, රඹුක්කන කොට්ඨාසය තුළ ද මාවනැල්ල කොට්ඨාසයේ රඹුටන් ගම්මාන වැඩ සටහනත් ක්‍රියාත්මක කෙරේ. 
     
    මෙම ගම්මාන ඇති කිරීම සඳහා මූලික වශයෙන් එම දිස්ත්‍රික්කයේ අදාළ කොට්ඨාසයන් හි ජනතාව අතර කටුඅනෝදා, දූරියන් හා රඹුටන් පැල 1000ක් බෙදාදීමට නියමිතව ඇති අතර අන්නාසි වගාව අක්කර 7.75 ක් තුළ සිදු කිරිමට නියමිතය. 
     
    DB/ DMU Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya