ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බේරුවල මුස්ලිම් අධ්‍යාපන ආයතනයේ නව නේවාසිකාගාරය සිසු අයිතියට

    මැයි 23, 2015
    බේරුවල "ජාමියා නලීමියා" මුස්ලිම් අධ්‍යාපන ආයතනයේ  මිලියන 7ක විදමින් ඉදිකරන ලද  දෙමහල් නව නේවාසිකාගාරය  සිසු අයිතියට පත්කිරිම මුස්ලිම් ආගමික කටයුතු  හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු  කෙරිණි.
     
    මෙම නව නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා  පූර්ණ මුල්‍ය දායක්තවය  ලබාදෙනු ලැබුවේ චීන කොටුව ප්‍රදේශයේ මැණික් 
    ව්‍යාපාරිකයන් වු අල්හාජ් ඒ.ඩබ්ලිව්.එම්. නවුෆර් සහ අල්හාජ් එම්.ඉඩ්.එම්. සවාහීර් යන මහත්වරුන් විසිනි.
     
    1973 දී ආර්ම්භ කරන ලද මෙහි නිර්මාතෘ නලීමියා හජ්ජියාර් මහතායි.
     
    හිටපු නාගරික ඉදිකිරීම් හා නිවාස  අමාත්‍ය ඉමිතියාස් බකිර් මාකර් මහතා සහ "ජාමියා නලීමියා" මුස්ලිම් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ  ආචාර්ය එන්.ඒ.එම් ශුබ්‍රියා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya