ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අද සිට වසරක් පුරා

    මැයි 26, 2015
    ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අද (26) සිට වසරක් පුරා මුළු දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව අද සිට ලබන වසරේ ජූනි 25 දින දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි දත්ත කාණ්ඩවලට අනුව තෝරා ගත් නියැඳියක් මඟින් මේ සමීක්ෂණය සිදු කෙරේ.
     
    රට පුරා පිහිටි පාසල් 100කින් වයස අවුරුදු 05, 12, 15 වයස් කාණ්ඩවලට අයත් සිසුන් ද අවුරුදු 35 - 44 හා 65 - 74 වයස් කාණ්ඩවලට අයත් වැඩිහිටියන් ද තෝරාගෙන මෙම සමීක්ෂණය සිදු කිරීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya