ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ‘බලශක්ති සංරක්ෂණ’ ව්‍යාපෘතිය පිළිබඳ ව යුද හමුදා මූලස්ථානය දැනුවත් කෙරේ

    මැයි 26, 2015
    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් යුද හමුදාව සඳහා බලශක්තිය පිරිමැසීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්  ඊයේ (25) කොළඹ 02  ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. 
     
    මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් “බලශක්ති සංරක්ෂණය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන” තේමාකොට ගනිමින්  නිදහස් චතුරස්‍රයේ සිට  මැරතන් තරගයක් පැවැත් වූ අතර, ඒ සඳහා ජනාධිපතිතුමා සමඟින් යුද හමුදාපතිතුමා ද එක් විය.    
     
    එම අවස්ථාවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින්  ජාතික බල ශක්ති පරිශීලනයේ  වැදගත්කම සහ එමඟින් රට සංවර්ධනය වන ආකාරය පිළිබඳව බහුමාධ්‍ය භාවිත කර දත්ත හා වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරමින් යුද හමුදාව දැනුවත් කරනු ලැබූ අතර, මෙම වැඩසටහන සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බොහෝ පිරිසක් සහභාගි වූහ.
     
    මෙම වැඩසටහනේ දී  බලශක්ති සංරක්ෂණය, විදුලිය සම්බන්ධ වියදම් ශේෂය අඩුකිරීම සහ පුනර්ජනනීය බලශක්ති  සම්පත් හඳුන්වාදීම ආදී කරුණු පිළිබඳ ව වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය.  
     
    එමෙන්ම ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අධිකාරියේ  ප්‍රධාන අධ්‍යක්ෂක එම්.එම්.ආර් පද්මසිරි මහතා ශ්‍රී ලංකාවේ සෑම ආයතනයකම බලශක්ති සංරක්ෂණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සියලු ම අධ්‍යක්ෂකවරු සමඟින් නිලධාරීහු බොහෝ පිරිසක් ද සහභාගි වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya