ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් පරපුර මත්ද්‍රව්‍යයෙන් බේරා ගැනීම සඳහා සම්මන්ත්‍රණයක්

    මැයි 27, 2015
    වර්තමාන පරපුර අප රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරා ගැනීම සඳහා “මතින් තොර ගම්පහ” නමින් රුවන් විජයවර්ධන පදනම මගින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ඊයේ (26) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාගම රෝහල් විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
     
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා, කැලණිය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය උපාලි පීරිස් හා බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු විසින් මෙහි දේශණ පවත්වන ලදී.
     
    අද වන විට ගම්පහ දිස්ත්‍රික්කය ද මත්ද්‍රව්‍ය රකුසාගේ බරපතල අවදානමට ලක් වී ඇති බවත් මෙයට එරෙහිව ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා පවත්වනු ලබන මෙම මෙම වැඩමුළුව ඉතා වැදගත් එකක් බවත් පවසා සිටි අතර මෙම ප්‍රදේශයේ මෙන් ම අප තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් මෙකී මත්ද්‍රව්‍යවලින් අප ජනතාව වළක්වා ගැනීම සඳහා අද දින අපට විශාල වගකීමක් පැවරී ඇති බවද පවසා සිටියේය.
     
    අද ඇසෙන හා දකින සිදුවීම් දෙස බලන විට රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් හා තරුණ පරපුර වැඩි වශයෙන් 
    ම මෙහි ගොදුරු බවට පත් වී ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ජාතික ව්‍යසනය නැති කිරීම සඳහා ඉතා යුහුසුළුව පියවර ගැනීම අප සියලුදෙනාගේ ම ජාතික යුතුකමක් බවද අවධාරණය කර සිටියේය. ඒ සම්බන්ධයෙන් රට තුළට මත්ද්‍රව්‍ය ගලාගෙන ඒම වැලැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු අතරම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට දැඩි දඩුවම් ලබාදීම ද අත්‍යවශ්‍ය වන බව පැවසූ රුවන් විජයවර්ධන මහතා එකී වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතු බවද මෙහිදී පවසා සිටියේය.
     
    සුරක්ෂිත ගම්පහක් නිර්මාණය කිරීම සඳහා ගතහැකි හොඳම පියවරක් ලෙස මෙම මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ හදුන්වා දියහැකි බවත් ඒ සඳහා පාසැල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම, ඔවුන් ආරක්ෂා කරගැනීම වගේම ඊට 
     
    ගොදුරුවි ඇති තරුණ ප්‍රජාව ඉන් මුදවා ගැනීම අපිට පැවරී ඇති අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සැලකිය යුතු බවත් අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා පොලීසිය හා ආරක්‍ෂක අංශ මේ සම්බන්ධයෙන් පියවර ගැනිමේදී එය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම සඳහා සියලු දෙනා විසින් ම වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනාගේ ම අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා අතර ඒ තුළින් වඩා යහපත් හා ගුණගරුක පරිසරයක් නිර්මාණය කිරීමට අපට හැකි වෙනු ඇතැයි ද වැඩිදුරටත් සිටියේය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya