ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ජනරජ දිනය සමරයි

    මැයි 27, 2015
    බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය පසුගිය 22 දිනය යෙදී තිබූ අතර ඊට සමගාමීව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ජනරජ දිනය සැමරීමට කටයුතු කළේය.
     
     
    ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතා විසින් තික කොඩිය එසවීමෙන් අනතුරුව ජනරජ දිනයේ ඉතිහාසය හා යාථාර්ථය පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සිය කාර්යමණ්ඩලය දැනුවත් කරන ලදී. 
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, "මෙම ව්‍යවස්ථාව සම්මතවීමත් සමඟ එතෙක් පැවති ඩොමිනිකන් ආකාරයේ නිදහස සැබෑ නිදහසක් බවට පත්වූ අතර ඒ දක්වා පැවති සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සෙනෙට් සභාව අහෝසිවීම ද සිදු විය. එමෙන්ම සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පහසුකම් සලසා තිබූ අධිරාජ්‍යයවාදී අවශ්‍යතා ඉටුකරන නිදහස් වෙළෙඳපොළ ක්‍රමය ද මේ සමඟ අහෝසි වුණි. 
     
    දේශීය ආර්ථිකය යුරෝපීය සහ ඇමරිකානු වෙළෙඳපො‍වලින් බැහැරට ගමන් කරවමින්රුසියාව සහ චීනය සහ සෙසු සමාජවාදී සහ සෝවියට් සමූහාණ්ඩු රාජ්‍යයන් කරා ගෙන යාම ද මෙම ප්‍රතිසංස්කරණ සමඟ සිදු විය. එමෙන්ම දේශීය අධිකරණ කටයුතුවල උත්තරීතර බලය හිමි එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය අහෝසි කිරීම ද මෙමඟින් සිදු වූ වැදගත් සේවා අතර ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි බව ද පෙන්වා දුන්නේය.
     
    1972 ජනරජ ව්‍යවස්ථා කෙටුම්පත ජාතික රාජ්‍ය සභාව විසින් සකස් කිරීම, මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගත් නායකයන්ගේ  දායකත්වය ඇගයීම, ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ම ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වෛරී නිදහස් ජාතියක් බවට පත්වීම, ජනතාවට වගකියන ජනරජයක් බවට පත්වීම, අප රටට ගැලපෙන  පරිපාලනමය සහ ආර්ථිමය වෙනස්කම් සිදුකිරීමට බලතල ලැබීම යන මාතෘකා ඔස්සේ  ජනරජ දිනයේ වැදගත්කම පිළිබඳ  දෙපාර්තමේන්තු  ප්‍රධානීන් හා සිය කාර්යමණ්ඩලය දැනුවත් කළේය.
     
    බ්‍රිතාන්‍යය හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් කෙටුම්පත් කෙරුණු ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ  දිනය ජනරජ දිනය ලෙස හැඳින්වේ. එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූයේ 1972 මැයි 22 වැනිදාය. එදින සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්වීම පැවැත්වීම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භවීම  වැනි කටයුතු ද සිදු විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya