ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලිහිණියා ගුවන් යානය රත්මලාන ගුවන් කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට

    ජූනි 05, 2015

    ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ කිට්ෆොක්ස් මොඩල් 2 වර්ගයේ ගුවන් යානය ලිහිණියා අද (ජුනි 04) දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබීය.

     

    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේ ඒ ගුණතිලක හා ආචාර්ය විජයවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූහ.

     

    මෙහිදී මෙම අවස්ථාව සැමරීම සඳහා සිහිවටන තිළිණයක් ලෙස මෙම ගුවන් යානාවේ ආකෘතියක් රුවන් විජයවර්ධන මහතා විසින් ආචාර්ය විජයවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වනු ලැබීය.

     

    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආචාර්ය රේ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ගුවන් කේෂ්ත්‍රය සම්බන්ධයෙන් කරන ලද අති මහත්වූ සේවාව පිළිබදව කරුණු පැහැදිලි කල අතර මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට භාරදීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පවුලේ සාමාජිකයිනට සිය ස්තූතිය පුද කර සිටියේය.

     

    මෙම ලිහිණියා ගුවන් යානය කිට්ෆොක්ස් මොඩල්ස් 2 වර්ගයේ යානාවක් වන අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ ඩේනේ කිට්ෆොක්ස්ගුවන් යානා සමාගමේ නිෂ්පාදනයකි. සුප්‍රසිද්ධ ලාංකික ඉංජිනේරුවෙකු, නව නිපැයුම්කරුවෙකු හා ගුවන් නියමුවෙකු වූ ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් මෙම යානාව 1990 වර්ෂයේදි ශ්‍රි ලංකාවට ගෙන එන ලද මෙම ලිහිණියා යානය 2010 වර්ෂයේ රේ විජයවර්ධන මහතාගේ වියෝවෙන් පසුව ගුවන් යානා කේෂ්ත්‍රයේ නම් දැරූ පුද්ගලයින් කිහිපදෙනෙකු භාරයේ තිබූ අතර 2015 වර්ෂයේ මාර්තු මස 11 වන දින එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රැකවරණයට පත් කරන ලදී.

     

    1924 වර්ෂයේ අගෝස්තු මස මෙලොව එලිය දුටු පිලිප් රේවත (රේ) විජයවර්ධන මහතා කොළඹ කාන්තා විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ලද අතර ඉංජංනේරු විද්‍යාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. එසේම හාවඩ් ව්‍යාපාර විද්‍යලයෙන් ව්‍යාපාර කළමණාකරනය පිළිබදව සුදුසුකම් ලබාගත් විජයවර්ධන මහතා ශ්‍රි ලංකාවේ හා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවලින් ගෞරව උපාධියන්ද ලබාගෙන ඇත.

     

    1955 වර්ෂයේ ලොව ප්‍රථම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කල රේ විජයවර්ධන මහතා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කොමිසමේ ප්‍රධානියා ලෙස හා 2002 – 2007 වර්ෂවලදී මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙසද සේවය කර ඇත. ඔහු විසින් කරන ලද මෙම සේවාවන් ඇගයීම සඳහා විද්‍යාජෝති හා දේශමාන්‍ය යන ගෞරව නාමයන්ද ශ්‍රී ලංකා රජය විසින් රේ විජයවර්ධන මහතා වෙත ප්‍රධානය කර ඇත.

     

    අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගුවන් හමුදා කෞතුකාගාරය හා එහි ප්‍රදර්ශණය සඳහා තබා ඇති ඉපැරණි සිහිවටනයන් නිරීක්ෂණය කරන ලදී.

     

    ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල, ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ද මෙම අවස්ථාවට එක්වි සිටියහ.

     

    MOD/SDF

     

    Lihiniya 20150604 06p7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya