ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් ගාල්ලේ වැඩසටහනක්

    ජූනි 05, 2015

    අද (05) දිනට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කරනු ලද දැනුවත් කිරීමේ පාගමනක් සහ විශේෂ දැන්වත් කිරීමේ දේශනයක් අද ගාල්ල මහනගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන පැවති අතර ගාලු නගර මධ්‍යයේ පැවති වීදී නාට්‍ය ප්‍රදර්ශනයකින් අනතුරුව නගර සභා ශාලාව වෙත ප්‍රවිශ්ඨ විය.

     

    පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් දේශපාලන සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් මේ සඳහා එක්ව සිටිය හ.

     

    1973 ජුනී මස 05 වන දින සිට ජගත් පරිසර දිනය සැමරීම ලොව පුරා රටවල් විසින් සිදුකරනු ලබයි.

     

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ බෞද්ධ ආගමික දර්ශනය පෝෂණය වීමට පරිසරය මහත් බලපෑමක් සිදු කළ බවත් පරිසරයට හිමි වූ ස්ථානය පුජනීය වූවක් බවයි. එමෙන් ම 1988 වර්ෂයේ මෙරට පළමු පරිසර අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා පිළිබඳවද මතකය අවදි කිරිමට ද අමාත්‍යතුමන් මෙහි දී අමතක නොකළේ ය.

     

    පසුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වෛද්‍ය නලීන් පී. විජේසේකර මහතා සහභාගී වූ අතර එය පාසල් ළමුන් අළලා සිදු කරන ලදී.

     

    SDF/SHG_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya