ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක උරුමයක් වන නකල්ස් කලාපය තුල අනවසර ඉදිකිරිම් තිබෙනවා

    ජූනි 05, 2015

    ලෝක උරුම නකල්ස් පරිසර ආරක්ෂණ කලාපය තුළ අනවසර ගොඩනැඟිලි ඉදිකර තිබෙන බවත් ඒවාට අනුමැතිය ලබා දුන්නේ කව්ද ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට තමා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවත්  මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (05) ජගත් පරිසර දිනයට සමගාමීව මාතලේ පළාපත්වල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවැති මාතලේ දිස්ත්‍රික් පරිසර දින උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී ය.

     

    වැඩිදුරටත් අදහස්  දක්වමින් අමත්‍යවරයා කියා සිටියේ පරිසර හානි අවම කර ගැනීමට පරිසර නීති දැඩිව ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා පරිසර සංවිධාන පරිසර නියමුවන් පරිසරවේදීන් පරිසර විනාශවලට විරුද්ධව මාධ්‍ය තුළින් විශාල හඩක් නැගිය යුතු බවත් පරිසර වර්තා නොමැති සියලු ව්‍යාපෘති නැවැත්වීමට අප කටයුතු කරන බවත් ඒවා නැවත ආරම්භ කිරීමට පරිසර වාර්තා ලබා ගත යුතු බවත් ඒ අනුව පරිසර වාර්තා නොමැතිව ආරම්භ කර ඇති උමා ඔය ව්‍යාපෘතිය, වාරය නගර සංවර්ධන ව්‍යාපෘතිය දැන් තාවකාලිව නවත්වා ඇති බවත් පැවසීය.

     

    මේ අවස්ථාවේ අමාත්‍යවරයා අතින් රුක් රෝපණ වැඩසටහනක් ද සිදු කෙරිණි. රුපියල් ලක්ෂ හතක වියදමින් ඉදිකිරිම බලාපොරොත්තු වන කසල කළමණාකරන ව්‍යාපෘතිය ද ආරම්භ කරමින් කසල බඳුන් බෙදා දුන් අතර ජනාධිපති පදක්කම්ලාභී පාසල් සිසු දරු දැරින් සහ ඔවුන් දිරිගැන්වූ ගුරුමාතාවන් ඇගයිමක් ලෙස ඔවුනට තිළිණ ප්‍රදානයක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ප්‍රාදේශීය සභාවේ සනීපාරක්ෂක සේවකයින් ඇගයීම සහ ඔවුනට තිළිණ ප්‍රදානයක් ද ඔහු අතින් සිදු විය.

     

    මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ.එල්.කේ.පී.එල්. මධුවන්ති, ප්‍රාදේශිය සභාවේ ලේකම් එච්.එම්.ඩී. හීන්කෙන්ද, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ.ඩී.එන්. කිරිඇල්ල යන මහත්ම මහත්මීන් සහ ගුරුවරුන් පාසල් සිසුන්, දිස්ත්‍රික්කයේ පරිසර නිලධාරින් රැසක් සහභාගි වූහ.  

     

    SDF/GNK_dmu_Mathale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya