ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජන පරතරය වරාය සංවර්ධනයේ දී අභියෝගයක්

    ජූනි 10, 2015
    ආයෝජන පරතරය වරාය සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව ඇතුළු ව ආසියානු රටවල් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
     
    එතුමා වැඩිදුරටත් අවධාරණය කරන්නේ සැලසුම්වලදී ඇති වන ප්‍රමාදය ද වරාය සංවර්ධනයේ දී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    පසුගිය දා චීනයේ පැවැති 6 වැනි ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන සහ ඉදිකිරීම් සමුළුවට එක්වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය. 
     
    වරාය ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනයේ දී දකුණු ආසියානු කලාපයේ දී ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් ඉටු කර ඇතැයි ද පෙන්වා දුන් අමාත්‍යවරයා කොළඹ වරාය බහළුම් රථ හේතුවෙන් කොළඹ නගරයේ ඇති කරන වාහන තදබදය සහ කාර්ය බහුලත්වය අති විශාල බවත් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම තවදුරටත් අපිට ප්‍රමාද කළ නොහැකි බවත් ඒ සඳහා වෙරළාසන්න ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමට මෙහිදී අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.
     
    ඈත අතීතයේ මෙන් ම වර්තමානයේ දී ත් ශ්‍රී ලංකාව, සේද මාර්ගයේ ප්‍රමුඛ සංද්ධිස්ථානයක් බවට පත් කිරීම තම ඉලක්කය වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    පසුගියදා චීනයේ දී ආරම්භ වූ 6 වැනි ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන සහ ඉදිකිරීම් සමුළුව පැවැත්වුණේ චීනයේ මැකාවෝහිදීයි. ප්‍රාදේශීය ආර්ථික අන්තර්ලැදියාව හරහා ජාත්‍යන්තර යටිතල පහසුකම් පිළිබඳ සම්මුතීන්හි නව සංවර්ධන යන තේමාව යටතේ එය පැවැත්විණ. රටවල් 40ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගි විය. ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා ද එම අවස්ථාව එක් විය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya