ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බෙන්තොට සිට උණවටුන දක්වා මුහුදු තීරය සංචාරක පුරවරයක් ලෙසින් සංවර්ධනයට පියවර

    ජූනි 10, 2015
    ශ‍්‍රී ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ පිහිටි සංචාරක පුරවරය ලෙස නම් දරා ඇති හික්කඩුව සංචාරක පුරවරයේ දැනට හඳුනාගෙන ඇති විවිධ වූ ගැටලු පිළිබඳව කඩිනම් විසඳුම් ලබා දීම රජයේ ප‍්‍රධාන අරමුන බවත් ඒ වෙනුවෙන් බෙන්තොට සිට උණවටුන දක්වා වූ මුහුදු තීරය සංචාරක පුරවරයක් ලෙසට හඳුනාගෙන ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවේදීය.
     
    හික්කඩුව සංචාරක පුරවරය මැදින් වැටී ඇති ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ අවහිරතා නිසා සංචාරකයන් මහත් අසිරුතාවන්ට පත්වන බැවින් ගාල්ල කොළඹ මාර්ගය හික්කඩුව මග හැර යන විකල්ප මාර්ගයක් ලෙසට සැකසීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
     
    හික්කඩුව සංචාරක පුරවරයේ හෝටල් හිමිකරුවන් සහ ප‍්‍රදේශයේ වෙළෙඳ ප‍්‍රජාව සහභාගි වූ මෙම සාකච්ඡාවට රත්ගම ආසන සංවිධායක අශෝක සෝමරත්න, දකුණු පළාත් සභා මන්ත‍්‍රී අශෝක ධනවංශ ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya