ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවයේ පුරප්පාඩු 78ක් පිරවීමට පියවර

    ජූනි 10, 2015
    රෝහල් රසායනාගාර තුළ සිදු කළ නොහැකි පරීක්ෂණ හැර අනෙක් සියලු ම රසායනාගාර පරීක්ෂණ රෝහල තුළින් අනිවාර්යයෙන්ම සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ප‍්‍රමුඛ රෝහල් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නේය. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති ගැටලු සහගත තත්ත්වයන් ඇත්නම් ඒ සම්බන්ධව කරුණු සොයාබලා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම මූලික කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප‍්‍රධානීන් සහ රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මාසික රැස්වීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    එහිදී ප‍්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවයේ ඇති පුරප්පාඩු පිරවීම සම්බන්ධව හා රෝහල් රසායනාගාර සේවා පිළිබඳ සාකච්ඡාවට ගත් අතර ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවයේ පුරප්පාඩුව පැවැති තනතුරු 84න් පුරප්පාඩු 78ක් පිරවීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවෙසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවයේ වසර ගණනාවක් සිට පුරප්පාඩුව පැවැති තනතුරු 8‍4ක් සඳහා පසුගිය මාසය තුළ 23 දෙනෙකුගෙන් සමන්චිත සම්මුඛ පරීක්ෂණ කණ්ඩායමකගේ ප‍්‍රධානත්වයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු සිදු කොට ඇති බවත් මේ අනුව දැනට පවතින වැඩබලන තනතුරු වෙනුවට පැවති සම්මුඛ පරීක්ෂණයට අනුව පරිපාලන සේවයේ පුරප්පාඩු 78ක් සඳහා පත්වීම් ඉදිරියේ දී ලබාදීමට නියමිතය.
     
    එමෙන්ම රෝහල් තුළ සිදු කරන රසායනාගාර සේවා පිටතින් සිදු කිරීමට ජනතාව යොමුකිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ වශයෙන් සාකච්ඡාවට ගැනුණි. එහිදී රෝහල් තුළ සිදු කරන වෛද්‍ය රසායනාගාර පරීක්ෂණවලදී රෝහල් රසායනාගාර තුළ සිදු කළ නොහැකි පරීක්ෂණ හැර අනෙක් සියලු ම රසායනාගාර පරීක්ෂණ රෝහල තුළින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට අමාත්‍යවරයා, අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. රේඛීය අමාත්‍යාංශයෙන් සියලු ම ශික්ෂණ රෝහල්වලට යවන චක‍්‍රලේඛය යටතේ ඒ ඒ රෝහල්වල අධ්‍යක්ෂවරු විසින් අභ්‍යන්තර චක‍්‍රලේඛයක් මඟින් එම රෝහල තුළ සිදු කළ හැකි රසායනාගාර පරීක්ෂණ පෙලගස්වා එම රෝහලේ කාර්යමණ්ඩලයට සහ පැමිණෙන ජනතාවට දැකගත හැකි අන්දමින් ප‍්‍රදර්ශනයට පියවර ගන්නා ලෙසත් මෙම කටයුත්ත කොළඹ ජාතික රෝහලෙන්ම ආරම්භ කරන ලෙසත් රසායනාගාර පරීක්ෂණ පිළිබඳව ජනතාවගේ අදහස් දැන දැනීම උදෙසා පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. 
     
    මීට අමතරව සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදිම කඩිනම් කිරීම පිළිබදවත්, මහරගම පිළිකා රෝහලට ඖෂධ ලබාගැනීම සඳහා ලබාදී තිබූ බලය සම්පූර්ණයෙන් වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමට කටයුතු සකස් කරන ලෙසත්, පොලොන්නරුවේ ඉදිකිරීම් සිදුකරන ඇඳන් 1500කින් සහ යුත් නව වකුගඩු රෝහලට සමගාමීව අනුරාධපුර රෝහලේ තිබෙන වකුගඩු රෝහල මූලික කරගෙන අවට තිබෙන වකුගඩු සායන වැඩිදියුණු කිරීමට පියවර ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya