ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන ඉහළ දැමීම පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් .

    ජූනි 11, 2015
     
    සංවර්ධන කටයුතු සදහා පළාත් සභා වල මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලක්ෂ විසි පහක ප්‍රතිපාදන මුදල වැඩි කර දෙන ලෙස තමන් කළ ඉල්ලීමට ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිපල ලැබුනු බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
     ඒ අනුව ඉදිරියේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට තම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීමේදී සුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මධ්‍යම පළාත් සභාවේ වැඩ බලන සභාපති  ආර්.එම්.එස්.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.
     
    පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලබා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කර ගැනීම පිළිබද පළාත් සභා මන්ත්‍රී චන්න ගලප්පත්ති  සහ රෝහණ බණ්ඩාරනායක මන්ත්‍රීවරයාගේද මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා සමග මේ පිළිබද සාකච්ඡා කළ බවත්, එහිදී ජනාධිපතිවරයා මෙම වසරේ ලබාදීමට නියමිත පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන වලින් කොටසක් ඉතා ඉක්මනින් ලබා දීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අදාල බළධාරීන්ට දන්වා ඇති බවත්  ප්‍රකාශ කරන ලදී.
     
    මීට අමතරව 2015.06.08 වැනි දින පළාත් සභාවල සියළුම ප්‍රධාන අමාත්‍යවරුන් සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවති බවද ප්‍රකාශ කළ සරත් ඒකනායක මහතා සංවර්ධන කටයුතු වලදී මධ්‍යම රජය සහ පළාත් සභා අතර මනා සම්බන්ධිකරණයක් ඇතිව එම සංවර්ධන කටයුතු කර ගෙන යෑම පිළිබදවද ගැඹුරින් අවධානය යොමු කළ බව පැවසීය. ඒ අනුව පළාත් සභා වලට ප්‍රායෝගිකව බලපාන ගැ‍ටළු පිළිබද ජනාධිපතිවරයාට එළඹෙන 12 වැනි දිනට පෙර යෝජනාවලියක් ලබා දෙන ලෙසද සෑම පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙක් වෙතම පුද්ගලිකවම දැනුම් දුන් බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
     
    පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන මෙම යහපත් ආකල්ප පිළිබද මධ්‍යම පළාත් සභාවේ සියළුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තම ස්තූතිය පළ කරන බවද ප්‍රධාන  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
     
    AP/TA_DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya