ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශාන්ති ප්‍රනාන්දු මහත්මියගේ සහභගීත්වයෙන් වැඩමුළුව පැවැත්වෙයි.
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ. මෙහිදී ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරේ.
මෙම වැඩමුළුවට හඳුනාගත් ගැටලුවලට අදාළ ආයතන ප්‍රධානින් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සම්පාදනය කර ඇති ඉඩම් පරිහරණ සැලසුමට අනුව හඳුනාගන්නා ලද සංරක්ෂණය කළයුතු ඉඩම් හා සංරක්ෂණය වී ඇති ගැටලු සහිත ප්‍රදේශ පිළිබඳ තොරතුරු හා යෝජනා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂා කර ගැනීමත් පිළිබඳ වැඩමුළුවක් අද (11) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

















