ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම තාක්ෂණික සැසියක් අම්පාරේදී

    ජූනි 12, 2015
    අම්පාර දිස්ත්‍රික්කයේ බිම්මල් වගාව, මල් වගාව හා ගෙවතු වගාවේ නියුතු ගොවි මහත්ම මහත්මීන් 500 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එක් දින වැඩමුළුවක් පෙරේදා (10) අම්පාරේදී පැවැත්විණි.  කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ උපදෙස් අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මෙය සංවිධානය කර තිබුණි.
     
    මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු කොරියානු ජනරජයේ ජාත්‍යන්තර කෘෂිකර්ම කටයුතු සඳහා ලබා දෙන කොපියා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය බියෝංග් චු ජංන්ග් (Dr.Byoung Choon Jang) මහතා සහභාගී විය. 
     
    මෙම වැඩමුළුවේදී බිම්මල් වගාව, මල් වගාව හා ගෙවතු වගාවට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සැසිවාරයක් පැවති අතර කොපියා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්යය බියෝංග් චුං ජංන්ග් (Dr.Byoung Choon Jang) මහතා විසින් බිම්මල් වගා කිරීම සඳහා ලංකාවට යෝග්‍ය තාක්ෂණය පිළිබඳව විශේෂ දේශනයක් පවත්වන ලදී.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya