මේ වන විට ග‍්‍රාම නිලධාරී වසම් 646 කින් වැඩ යෝජනා ලැබී ඇත. ඒ අනුව වැඩ යෝජනා 1066 ක් අනුමත කර ඇති අතර වැඩ යෝජනා 180 ක් සඳහා ඇස්තමේන්තු ද සකස් කර තිබේ. අනුමත වැඩ යෝජනා වෙනුවෙන් රුපියල් මිලියන 646 ක් වෙන් කර ඇති බව මාතර දිස්ත‍්‍රික් සැලසුම් අධ්‍යක්‍ෂ විදුර ප‍්‍රසන්න මහතා පවසයි.
2015 දෙසැම්බර් මස 31 දිනට පෙර සියලූ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
DMU/Matara

”ගමින් ගමට දොරින් දොරට” ගම් නගා සිටුවීමේ රජයේ වැඩසටහන යටතේ ග‍්‍රාම නිලධාරි වසමකට රුපියල් මිලියනය බැගින් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හි ග‍්‍රාම නිලධාරී වසම් 650 සඳහා රුපියල් මිලියන 650 ක ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

















