ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්මාන්තයේදී පැන නඟින ගැටලුවලට කඩිනම් විසඳුම්

    ජූනි 15, 2015
    කෘෂිකර්මාන්තයේදී පැන නඟින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගියදා පරගහකැලේ වී ගබඩාව විවෘත කරමින් පැවසුවාය.
     
    අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩා 13ක් රුපියල් කෝටි 20ක පමණ වියදමින් ඉදිකර ඇත. වී මෙට්‍රික් ටොන් 20ක් ගබඩා කළ හැකි ගබඩා 6ක් සහ වී මෙට්‍රික් ටොන් 15ක් ගබඩා කළ හැකි ගබඩා 7ක් පොල්වත්ත, දීඝවාපිය, රංගලතැන්න, වාඩියගල වැනි ස්ථානවල පිහිටුවා ඇත.
     
    පරගහකැලේ වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින් අමාත්‍යතුමිය සඳහන් කළේ, වත්මන් රජය මැදිහත් වී අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ මූලිකත්වයෙන් වී සඳහා හොඳ මිලක් ලබා දීමට කටයුතු කළ බවයි. අපේ රටේ ප්‍ර‍ධාන ආහාරය වන බත් සඳහා අවශ්‍ය වී වැඩිපුරම නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය නිරතුරුවම කටයුතු කරනු ඇත.
     
    වී වගාව මෙන්ම අනෙකුත් වගාවන් වෙනුවෙන් අවශ්‍ය දිරිගැන්වීම් ද කෘෂිකර්ම අමාත්‍යාංය විසින් සිදු කරනු ලැබ ඇත. අවාරයේ වගා කිරීම දිරිගන්වමින් අමාත්‍යාංශය ආරම්භ කළ “අවාරය අහවරයි ” වැඩසටහන ද අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වේ.
     
    ගොවිතැන් කටයුතුවල නිරතවන ජනතාවට පැන නගින ගැටලු ගොවි සංවිධාන හරහා ඉදිරිපත් කළ විට ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමින් සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවිමහතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සාර්ථක වගාවකින් සාර්ථක ප්‍ර‍තිඵල ලබා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya