ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දෙමාපිය සුබ පැතුම් මධ්‍යයේ මුලතිව් දෙමළ ආධුනික සෙබළුන් විසිර යති

    ජූනි 15, 2015
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බඳවා ගනු ලැබූ වෘත්තීය දමිළ ආධුනික සෙබලුන් 46 දෙනෙකු මාස හතර හමාරක පමණ මූලික යුද පුහුණු පාඨමාලාව හදාරා පසුගියදා එම ආරක්ෂක සේනා මූලස්ථාන සරඹ භූමියේ දී අතිඋත්කර්ෂවත් අයුරින් විසිර යන ලදී.
     
    මෙම ආධුනික සෙබළුන් 68 වන සේනාංක පුදුකුඩුඉරුප්පු පුහුණු පාසලේදී 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු උපදේශකවරුන් යටතේ මෝටර් කාර්මික, විදුලි රැහැන් පෑස්සුම්, ජලනල කාර්මික, පෙදරේරු, වඩු සහ වානේ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පෙබරවාරි මස සිට ඉතා සාර්ථක ලෙස වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත. 
     
    එම වෘත්තීය සෙබළුන් විසිර යාමේ අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 6 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අණදෙණ නිලධාරී ලුතිතන් කර්නල් ඊ.එම්.ජී අඹන්පොළ සහභාගි වූ අතර, එම අවස්ථාවේ දී ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ද පැවැත්විය. 
     
    ආධුනික සෙබළුන් විසින් ඔවුන්ගේ දෙමාපියන්ව සාදරයෙන් පිළිගත් අතර, ආධුනික සෙබළුන් හා දෙමාපියන් අතර සුහද හමුවක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මුලතිව් ආඥාපතිතුමන් විසින් යුද හමුදාව තුළ වෘත්තීය ශීල්පීන් ලෙස පුහුණු කිරීම සඳහා තම දරුවන්ව යොමු කිරීම සම්බන්ධව දෙමාපියන් වෙත ස්තූතිය පුදකරන ලදී.
     
    එම අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරම් යන මහත්වරු සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ආධුනික සෙබළුන්ගේ දෙමාපියෝ සහ නෑදෑ හිතවත්හු මේ අවස්ථාවට සහභාගි වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya