ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය අද රැස්වේ

    ජූනි 15, 2015
     
    ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය අද  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් විය. එහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් මුලාසනය හෙබවු අතර 50 කට ආසන්න සාමාජිකයන් රැසක්ද මේ සඳහා සහභාගි විය. 
    මෙහිදී 2015 වර්ෂය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ පසුගිය වර්ෂයේ පැවති "කෙතයි බතයි අපේ කමයි" ප්‍රදර්ශනයේ සහතිකපත් පිරීනැමීම ද සිදු විය. එමෙන් ම ඉදිරි සංස්කෘතික වැඩසටහන් පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් ම සාකච්ඡාවට ලක් කල අතර මෙවර පැවැත්වීමට නියමිත සාහිත්‍ය හා සංස්කෘතික සංකතනය පිළිබඳව ද අවධානයට යොමු කෙරිණි.
     
    මාස දෙකකට වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සංස්කෘතික සහ සාහිත්‍ය දේශනයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවද රවින්ද්‍ර හේවාවිතාරණ මහතා වෙතින් මෙහිදී යෝජනා විය. 
     
    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නීරීක්ෂණය කිරීමට පැමිණි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සමග පැවති සුහද කතා බහ අතරතුර මෙම සාහිත්‍ය සංකතනය පිළිබඳවද අවධානයට ලක් වූ අතර එතුමියගේ ප්‍රධානත්වය ද මෙම සාහිත්‍ය වැඩසටහනට ලබා ගැනීමට ද දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මෙහිදී  යෝජනා කරන ලදී.
     
    AP/DMU - SG- Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya