ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොරියවේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට සාකච්ඡා

    ජූනි 15, 2015
    ශ‍්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා වැඩිවශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් සකච්ඡා කර තිබේ. කොරියානු රජය සමඟ කොරියානු රැකියා බලපත‍්‍ර ක‍්‍රමය අත්සන් කිරීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
     
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා කොරියාවේ කළ සංචාරයේදී එරට සැලසුම් හා සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය චැන් හුන් හන්  මහතා සෝල් නුවර, කම්කරු අමාත්‍යංශයේදී හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ
     
    නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර යන අංශවලට රැකියා අවස්ථා ලැබෙන අතර ඉදිරියේදී කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ද මෙරට ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාදෙන ලෙස  අමාත්‍යවරිය දන්වා සිටියා ය.එහිදී එරට සැලසුම් හා සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට කටයුතු කරන බවයි.
     
    මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, දැනට දකුණු කොරියානු විභාගය සමත්වී රැකියා වෙබ් අඩවියේ රැඳී සිටින සියලු දෙනාටද එරට සේවය කිරීමට අවස්ථාවක් ලබාගැනීම සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි. 
     
    මීට අමතරව එරට සේවා කාලය අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳීසිටින ශ‍්‍රමිකයින් ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය කරන නීතිරීති සකස්කරන අතර ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.මෙම සංචාරයේදී දෙරට අතර පවතින අවබෝධය වඩාත් තහවුරු වූ බව  අමාත්‍යතුමිය සඳහන් කළාය. 
     
    මේ වන විට කොරියානු රටේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 26000ක් පමණ සිටින අතර, 2015 වසරේ මුල් මාස 5 තුළ 2766 දෙනෙක් පමණ රැකියා පිටවී ගොස් ඇති අතර, මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේදී 5000ක් පමණ තෝරාගැනීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක පි‍්‍රයන්ත සේනානායක, විදේශ රැකියා ඒජන්සියේ අධ්‍යක්‍ෂ උපුල් දේශපි‍්‍රය, කාර්යාංශයේ කොරියානු රැකියා අංශයේ කළමණාකරු කේ.එස්. පුෂ්පකුමාර යන මහත්වරුන්ද සහභාගිවූහ.
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya