ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පසු භාවිත ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූනි 17, 2015
     
    ජගත් පරිසර දිනයට සමගාමීව පසු භාවිත ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව  රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා  ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවා විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
    මෙහි දී අදහස් දැක් වූ රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මිල මුදල් සම්පත් කෙතරම් තිබුණද පරිසරය හා සමීප නොවන මිනිසා ක්‍රමිකව විනාශවන බවත්, සරලව දිවගෙවන පරිසරයට හිතකර මිනිසා වඩාත් යහපත් නිරෝගී පුරවැසියෙකු වන බවත් පැවසීය. එබැවින් ස්වකීය පෞද්ගලික ආදර්ශය පවුල් පරිසරය තුළටත් පසුව රටටත් ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
     
    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පසු භාවිත ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ බන්ධුල සරත්චන්ද්‍ර මහතා 95% ක් ජනතාව පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය ප්‍රතික්ෂේප කිරීමට එකඟවන බව පැවසීය. එමෙන් ම දිවයින පුරා ස්ථාපිත කරමින් පවතින කසල කළමනාකරණ මධ්‍යස්ථාන පිළිබඳව එහිදී දැනුවත් කරන ලද අතර  ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයටත් එවැනි මධ්‍යස්ථානයක් ලැබීමට නියමිත 
    බවද පැවසීය.
     
    දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත. 
     
    AP/DMU- Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya