ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම සංවර්ධන දිනය ජුලි 26 දා

    ජූනි 17, 2015
     
    ජුලි 26 වන දින ග්‍රාම සංවර්ධන දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
     
    ලංකාවේ ප්‍රථම වතාවට ග්‍රාම සංවර්ධන දිනයක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර  දකුණු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙය සිදු කර ඇත. ‍මේ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බව දකුණු පළාත් ග්‍රාම සංවර්ධන සංස්කෘතික හා ක්‍රිඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා පවසයි.
     
    ඒ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ මාගම්  රුහුණු පුර පරිපාලන සංකීර්ණයේදී පැවති උත්සවයේදීය.
     
    මේ අනුව ජුලි 26 දා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා නිලධාරින් එක්ව සැමරුම් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
     
    දකුණු පළාත තුල ග්‍රාම සංවර්ධන සමිති 1200 ක් ස්ථාපිතකර ඇති අතර ඒ සෑම සමිතියක්ම මුල්කර ගනිමින් එක් ව්‍යාපෘතියක් හෝ මෙදිනට ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    එසේම පැරණි ග්‍රාම සංවර්ධන ව්‍යපාරය ශක්තිමත් කර ඒ තුලින් ගම සංවර්ධනය කිරීම මෙහි එක් අරමුණකි. 
     
    AP/DMU - Hambanthota
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya