ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 20 සිට 29 දක්වා

    ජූනි 18, 2015
     
    මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය  අගෝස්තු මස 15 දින සතර දේවාලයන්හී කප් සිටුවීමෙන් ආරම්භ කරන බව  ශ්‍රි දළදා මාලිගාවේ  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 
    ඒ මහතා මෙසේ පැවසුයේ  වාර්ෂික ඇසල  පෙරහර උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රි දළදා මාලිගාවේදී පැවැති රැස්වීමකදීය. 
     
    ඒ අනුව අගෝස්තු මස 15 සිට 19  දක්වා සතර දේවාලයන්හී  අභ්‍යන්තර පෙරහර පවත්වා අගෝස්තු මස  20 සිට  24 දක්වා  කුඹල් පෙරහරත්, 25 සිට 28 දක්වා  රන්දෝලි පෙරහරත් පැවැත්වීමට නියමිතය.  අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 29 වීදී සංචාරය කෙරෙනු ඇත. 
     
    අගෝස්තු මස  30 වන දින  දවල් පෙරහර පැවත්වීමෙන් අනතුරුව  පෙරහර සාර්ථකව නිමකල බව දක්වමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට පෙරහර සංදේශය බාර දීමෙන්  ඇසල පෙරහර මංගල්‍ය නිලවශයෙන්  නිමාවට පත්වීමට නියමිතය.  
     
    මෙම අවස්ථාවට මහනුවර පුරපති, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති, සතර දේවාලයන්හී බස්නායක නිලමේවරුන්  ඇතුළු රාජ්‍ය  ආයතන රැසක නිලධාරින් විශාල පිරිසක් සහභාගි වුහ.
     
    AP/DMU -kandy 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya