ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල දිස්ත්‍රික් දෙවන ප්‍රාදේශීය ලේකම් සමුළුව බුලත්කොහුපිටියේදී

    ජූනි 17, 2015
    රාජ්‍ය සේවකයෙකුට කළ හැකි උපරිම සංග්‍රහය වන්නේ ප්‍රශස්ත රාජ්‍ය සේවයක් මහජනතාව වෙත ලබා දීම බව කෑගල්ල මහ දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. 
     
    ඒ මහතා මේ බව පැවසුවේ, පසුගියදා බුලත්කොහුපිටියේදී පැවැත්වූ කෑගල්ල දිස්ත්‍රික් දෙවන ප්‍රාදේශීය ලේකම් සමුළුටට සහභාගී වෙමිනි.
     
    ප්‍රශස්ත රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය නිලධාරීන් බලගැන්වීමේ අරමුණින් මෙවර දෙවන ප්‍රාදේශීය ලේකම් සමුළුව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්වීමට කටුයුතු යොදා තිබිණි.  මේ අවස්ථාවේ අධීක්ෂණ කටයුතු සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා, කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ. 
     
    කෑගල්ල දිස්ත්‍රික් පළමු ප්‍රාදේශීය ලේකම් සමුළුව වරකාපොළදී පැවැත්විණි. 
     
    NDH/dmu_Kegalle

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya