ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කාබනික ආහාර නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කෑගල්ලේදී

    ජූනි 17, 2015
    කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අද (17) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලදී පැවැත්විණි. 
     
    කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන ලද පච්චපෙරුමාල්, කළු හීනැටි, කුරුළු තුඩ, කහවණු ආදී සහල් වර්ග ද පලතුරු, එළවළු, බිම්මල්, රසකැවිලි වර්ග, මී පැණි ආදී දේ මේ වැඩසටහන යටතේ අලෙවි කිරීමට තිබුණ අතර මේ අලෙවිපොළ සඳහා ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයක් හිමි විය. බදාදා දින පැවැත්වෙන මේ අලෙවිපොළ සඳහා ගොවීන් ඇතුළු නිෂ්පාදකයන් රැසක් තම නිමැවුම් ඉදිරිපත් කර තිබිණි.  
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද මේ වැඩසටහන සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලද්දේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය මහතා විසිනි. මේ අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීර ලක්මාල් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
     
    NDH/dmu_Kagalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya