ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර නිවාස ණය ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

    ජූනි 24, 2015

    ජාතික නිවාස සතිය නිමිත්තෙන් නිවාස 50,000ක කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ නිවාස ණය ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (23) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.

    මෙහිදී සංකේතාත්මකව නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාට කොඩි පැළඳවීම ද සිදු කෙරිණි.

     
    ප්‍රතිලාභීන් 150 දෙනෙකු සඳහා පළමු ණය වාරිකය වශයෙන් රුපියල් 20,000 බැගින් මිලියන තුනක වටිනාකමින් යුත් චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු වූ අතර ඉතුරු ණය වාරික ඉදිරියේදී ලබාදීමට නියමිතය.
     
    මාතර දිස්ත්‍රික්කයේ දැනට තොරාගත් ණය ආධාර ප්‍රතිලාභීන් ප්‍රමාණයට වඩා තවත් ප්‍රතිලාභීන් 1500ක් සඳහා ඉදිරියේදී ණය ආධාර ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ද යම් සහන ණය යෝජනා ක්‍රමයක් ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් සහ ණය ආධාර ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
    kpm_DMU_Mathara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya