ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කළුතර ප්‍රාදේශීය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්

    ජූනි 23, 2015
     
    කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල් හා වතු රෝහල් සංවර්ධනය සදහා රුපියල් මිලයන 500 ක ප්‍රතිපාදන ලැබී ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 
    මෙම ව්‍යාපෘතිය  යටතේ අගලවත්ත පිඹුර රෝහල, දොඩම්ගොඩ, මතුගම, බණ්ඩාරගම, මීගහතැන්න, කටුගහහේන, බුලත්සිංහල, ගෝනදුව හා යට්ටපාත යන රෝහල්  හා  වතු සමාගම් සතු රෝහල් 4 ක් රජයට පවරාගෙන සංවර්ධනය කිරීමට නියමිතය.
     
    නවීන පහසුකම් සහිත වාට්ටු සංකිර්ණ, බාහිර ප්‍රතිකාර ඒකක, හදිසි ප්‍රතිකාර ඒකක, භික්ෂු වාට්ටු හා වෛද්‍ය නිල නිවාස  ඉදි කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
     
     AP/DMU-Kalutara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya