ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නිවාස සතියේ අවසන් දින 3ටත් කෑගල්ලේ වැඩසටහන්

    ජූනි 27, 2015

    රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙන නිවාස සතියට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ද වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ කලමණාකරු පී.ඒ.එස්.පී ආරියවංශ මහතා පවසයි. මෙම මස 23 වන දින සිට 29 වන දින දක්වා ජාතික නිවාස සතිය ලෙස නම් කර ඇත.

     

    නිවාස සතියේ අද (27) දිනය ළමා හා පාසල් දිනය ලෙස නම් කර ඇත. ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුදැරියන් 200කගේ සහභාගිත්වයෙන් නිවාසකරණයට අදාළ චිත්‍ර තරගයක් කෑගල්ල වලගම්බා මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

     

    හිමිකම් දිනය යෙදී තිබෙන 28 වන ඉරිදා දින දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පලාදෙණිය වත්ත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම හා දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාත්මක ගම්මානවල පදිංචි කරුවන් සදහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කෙරේ.

     

    නිවාස සතියේ අවසන් දිනය වන සදුදි (29) දිනට යෙදී තිබෙන ප්‍රජා දිනය නිමිත්තෙන් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිත්‍රගම හා තලපිටියගම යන ගම්මානවල නිවාස සංවර්ධන සමිති ප්‍රතිසංවිධානය කෙරේ. එදින පස්වරුවේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී 1978 සිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාසවල පදිංචි කරුවන්ගේ සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් නිවාස සංවර්ධන සම්මේලනය පැවැත්වේ.

     

    නිවාස සතියේ පළමු දින 6 පුරාවටත් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා මෙවැනි වැඩසටහන් රැසක් සංවිධානය කොට ක්‍රියාත්මක කෙරිණි.

     

    SDF/DMU_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya