රසායනික පලිබෝධ නාශක වලින් තොර ගෙවතු වගාවක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් විසින් ණය ලාභී කාන්තාවන් සහ කාර්යාල නිලධාරීන් දැනුවත් කෙරේ.
සෙවණ සරණ නිවාස ආධාර වැඩ සටහන යටතේගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හීදි කාන්තාවගේ උපරිම දායකත්වය ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම හා ප්‍රාදේශීය ලේකම් හා දිවිනැගුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිවාස ආධාර චෙක්පත් 15 ක් බැගින් ප්‍රදානය කිරීමද සිදු කෙරේ.
ඊට අමතරව නිවාස හා කාර්යාල ආශ්‍රිත තිර රෙදි මැසීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ගම්පහ ජාතික තරුණ සේවා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව සෞඛ්‍ය ආරක්ෂිතව රෑපලාවන්‍ය වැඩ මුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
AP/DMU-Gampha



















