ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවේ අඩු ආදායම්ලාභී පවුල්වල සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්

    ජූනි 25, 2015
    වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 
     
    පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කර නිරෝගී ජනතාවක් බිහිකිරීමේ පරමාර්ථය පෙරදැරිව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ උපදෙස් මත උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. 
     
    එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, රටක සංවර්ධනයේදී ජනතාවගේ නිරෝගී බව ප‍්‍රබල සාධකයක් වෙනවා. ඒ නිසාම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මේ ලබා දෙන ආධාර වඩාත් පුළුල් කරමින් ඔබේ නිරෝගී බව වෙනුවෙන් අප නිරන්තරව යොදවන බව පැවසීය.
     
    මෙහිදී තෝරාගත් අඩු ආදායම්ලාභී, වැසිකිලි පහසුකම් නැති පවුල් 60ක් සඳහා රුපියල් 25,000ක් වටිනා වැසිකිලි සෑදීමේ උපකරණ බෙදා දෙනු ලැබීය. විදේශීය ව්‍යාපෘති උපයෝගී කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, ප‍්‍රාදේශීය ලේකම් ඩබ්.ඩී.කේ.කේ. බණ්ඩාර, වැලිකන්ද ප‍්‍රාදේශීය සභා උප සභාපති ඩබ්.වී. සමන්ත යන මහත්වරු ඇතුළු ප‍්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya