ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දේශීය පලතුරු වර්ග 12 ක් වගා කෙරේ

    ජූනි 25, 2015
     
    දැනට භාවිතයෙන් දුරස්වෙමින් පවතින දේශීය පලතුරු වර්ග 12 ක් වගා කිරිමට පියවර ගෙන ඇතිබව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ගාමිණි එරබදුපිටිය මහතා පවසයි.
    ඉහල ගුණාත්මක භාවයකින් යුත් ඇටඹ, මී අඹ, මොර, දිවුල්, සියඹලා බෙලි, කටු අනෝදා හා දේශීය  දොඩම් වර්ග මේ යටතේ වගා කෙරේ.
     
    මෙහි පළමු පියවර ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස 50 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම පලතුරු වගාව ආරම්භ කිරිමට නියමිතය.
     
    වර්තමානයේ දේශීය පලතුරු වර්ග පිළිබඳ පවතින අවධානය අඩුවෙමින් පවතින බැවින්  මෙම වැඩ සටහන තුලින් අනාගත පරපුරට දේශීය පලතුරු වර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීමට හා භාවිතයට යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද  අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අංගය පවසයි.
     
    AP/DMU- Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya