ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිවාස සතියට සමගාමීව වැඩසටහන් රැසක් මහනුවරදී

    ජූනි 25, 2015
     
    ජාතික නිවාස සතිය  නිමිත්තෙන්  නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය මහනුවර දිස්ත්‍රික්කය පුරා වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  මහනුවර දිස්ත්‍රික් කළමනාකරු එම්.බී. තෙන්නකෝන් මහතා පවසයි. 
    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි  කාන්තා සහභාගීත්ව වැඩසටහන් හා තරුණ ප්‍රජා සහභාගිත්ව වැඩසටහන් රැසක්  සංවිධානය කර ඇත.
     
     එම වැඩසටහන යටතේ ජුනි 26 ශිල්පීය දිනය වශයෙන් ද , ජුනි 27  ළමා දිනය , ජුනි 29 දින ප්‍රජා දිනය ලෙස ද නම්‍ කොට විවිධ වැඩසටහන්  සංවිධානය කොට තිබේ. 
     
    නිවාස හිමිකම් දිනය වන ජුනි 28 දා  නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය  කිරීමේ වැඩසටහනක්ද  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  දිස්ත්‍රික් කාර්යාලය  මගින්  සිදු කිරීමට නියමිතය.  
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya