ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලක් සතොසට රුපියල් බිලියන 8.5ක ආයෝජනයක්

    ජූනි 25, 2015

    රුපියල් බිලියන 8.5ක ආයෝජනයක් කරමින් පාඩු සිදුවෙමින් ක්‍රියාත්මක වූ ලක් සතොස යළි නඟා සිටුවීමට රජය පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (25) පැවසීය.

     

    රාජපක්ෂ පාලනයේ දූෂිත ප්‍රතිපත්ති හේතුවෙන් ලක් සතොස රුපියල් බිලියන 10ක් ණය වී ඇති බවත් අලෙවිසැල්වල විකිණීමට ගත් ඇතැම් භාණ්ඩ නැවත විකිණීමට නොහැකි වී ඇතැයි ද, සැපයුම්කරුවන්ට මිලියන 3 ක මුදලක් ගෙවීමට ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ පසුගිය රජය සහල් කිලෝවක් මිලට ගෙන ඇත්තේ රුපියල් 85කට බවත් විකුණා ඇත්තේ රුපියල් 50කට බවත් ඒ නිසා රුපියල් මිලියන 4,000ක පාඩුවක් ලබා ඇති අතර ලක් සතොස ලබා ඇති සම්පූර්ණ අලාභය රුපියල් මිලියන 13,800ක් බවය.

     

    සිදුවූ පාඩුව විඳදරාගෙන රජයේ ආයෝජනය හා ක්‍රියාකාරිත්වය මත කේ. පී. එම්. ජී. (K.P.M.G.) කළමණාකාරීත්වය යටතේ ජූලි 07 වෙනිදා සිට නව පෙනුමකින් ලක් සතොස නැවත ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති බව බදියුදීන් මහතා සඳහන් කළේය.

     

    දැනට රටපුරා ක්‍රියාත්මක ලක් සතොස 305 ට අමතරව මේ වසර ඇතුළත දී අලුතින් තවත් ලක් සතොස 50ක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya