ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ වසරකට දුම්පානයෙන් 20,000ක් මියයනවා

    ජූනි 25, 2015

    ලෝකයේ වසරකට මිලියන 06ක් දුම්බීම හේතුවෙන් මියයන අතර ලංකාවේ එම ප්‍රමාණය 20,000ක් බවත් එම දුම ආග්‍රහණය වීම හේතුවෙන් ලක්ෂ 05ක් ද වසරකට ලෝකය පුරා මියයන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.

     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ද (25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය නිසා ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවෙමිනි.
     
     
    "අපේ රට බොහෝ දුරට සංස්කෘතික ආචාරධර්ම මත බිහිවු සමාජයක්. අදටත් එය එසේම තියෙනවා සුළු සුළු දෙදරා යාම් මධ්‍යයේ වුවද. අපේ රටේ පවතින්නේ මාතෘ මූලික සමාජයක්. බොහෝ රටවල මේ තත්ත්වය නෑ. ඒ නිසා අපි මෙය ඉස්මතු කොට ගත යුතුයි".
     
     
    පැරණි සමාජයේ මෙන් ම සංවේදී සමාජ වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකියාවක් ඇත්නම් එය අද දවසේ කාර්යය බවත් ඒ හරහා ගැටලු රැසක් විසඳාගැනීමට හැකියාවක් පවතින බවත් මහීපාල මහතා වැඩිදුරටත් පැවසීය.
     
     
    මෙහිදී "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා සමාජය" මැයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය දක්වන ප්‍රතිචාර" මැයෙන් ප්‍රජා වෛද්‍ය විශේෂ නෙත්තාංජලී මාපිටියගම, "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අවමකිරීම සඳහා මාධ්‍යයේ වගකීම හා කාර්යභාරය" මැයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහත්වරු ඇතුළු පිරිසක් විසින් මෙහිදී දේශණය පවත්වනු ලැබූහ.
     
     
    මෙම වැඩසටහන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya