ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම කදුකරයට පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක්

    ජූලි 02, 2015
     
    මධ්‍යම කදුකරයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පාංශු ඛාදනය හා හායනය අවම කිරීම සදහා පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙහි සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.
    ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 42 ක් ආවරණය වන පරිදි කෑගල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, කළුතර හා මාතර යන දිස්ත්‍රික්කයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 70 ක්වන අතර ගොවි පවුල් 12,500 කගේ සහභාගීත්වය ඇතිව පාංශු ඛාදනය හා හායනයට ලක්වු ඉඩම් හෙක්ටයාර් 5,750 ක් සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වේ.
     
    නව කෘෂි කාර්මික තාක්ෂණයන් ගොවි ප්‍රජාවට හදුන්වා දෙමින් 
    සංරක්ෂණය කරනු ලබන හෙක්ටයාර් 1 ක් සදහා රුපියල් 10,000 ක දිරි දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇති බවත් රසායනික යෙදවුම් අව භාවිතය තුල සිදුව ඇති පාංශු හායනය අවම කිරීම සදහා මෙම ව්‍යාපෘතිය තුලින් උත්සාහ ගන්නා බවද නන්දසේන හේරත් මහතා තවදුරටත් පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya