ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වතු කම්කරුවන්ට පානීය ජලය සැපයීමට ව්‍යාපෘති රැසක්

    ජූලි 02, 2015

    වතු යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ලෝක බැංකුවේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 300ක වියදමකින් වතු කම්කරුවන්ට පානීය ජලය සැපයීමට ව්‍යාපෘති රැසක් දියත් කරන ලදී.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ වතු කම්කරුවන් පානීය ජලය නොමැති වීම හේතුවෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දෙන බව හඳුනාගෙන ඇත. සීතල දේශගුණික තත්වයක ජීවත් වූවත්, ඔවුන්ට තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා පිරිසිදු ජලය ලැබෙන්නේ අවම වශයෙනි. මෙම හේතුවෙන් වතු කම්කරුවන් අතර බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගී ඇත.
     


    අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වය යටතේ පසුගියදා දික්ඔය පැවති රැස්වීමක දී මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වතු යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ වතු 30කට පානීය ජලය සැපයීමට සැලසුම් කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya