ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සහල් නූඩ්ල්ස් නිෂ්පාදනයට කොරියානු සහය

    ජූලි 06, 2015
    සහල් පිටි නුඩ්ල්ස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය KC Alliance නම් කොරියානු සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.
     
    මෙම නව නූඩ්ල්ස් නිපැයුම් කොලෙස්ටරෝල් රහිත, සෞඛ්‍ය සම්පන්න හා ස්වාභාවික වන අතර සමබර ආහාර වේලක් මේ හරහා ලබාගත හැකිය. මෙහිදී ළමුන් ඉලක්ක කරගනිමින් මෙම නව නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන අතර එහි කෘත්‍රිම රසකාරක කිසිවක් අඩංගු නොවේ. මෙම නූඩ්ල්ස් නිපැයුම සහන මිල ගණන් යටතේ රසයන් 200කින් පමණ දේශීය වෙළෙඳපොළට සැපයීමට අපේක්ෂිතය.
     
    මේ යටතේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි කර්මාන්ත ශාලා පිහිටුවීමට අපේක්ෂිත අතර පළමු අදියර යටතේ එක් කර්මාන්ත ශාලාවක් ඉදිකෙරේ. සෑම කර්මාන්ත ශාලාවක් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවන අතර නිෂ්පාදනයෙන් 90%ක් අපනයනය කිරීමට සැලසුම් සකස් කොට ඇත.
     
    මෙම ව්‍යාපෘතියේ ආයෝජන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් යැයි ඇස්තමේන්තු කර ඇති අතර එය කොරියානු සමාගම විසින් දරනු ඇත. තවද දකුණු කොරියානු රජය කොටස්වලින් 51%ක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ද කටයුතු යොදා ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya