ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනසන්නිවේදන‍ ක්ෂේත්‍රයේ රැකියා සඳහා පෙළඹවීමේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් රත්නපුරයේදි

    ජූලි 06, 2015
    රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා පෙළඹවි‍ම් ආකල්ප සංවර්ධන වැඩ සටහනක් මේ මස 09 දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි  රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා  පවසයි.
     
    වෘත්තීය ඡායාරූප කරණය,වීඩියෝ කැමරාකරණය ,රූපවාහිණි වැඩ සටහන් නිෂ්පාදනය, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම, වාර්තාකරණය,හා සිනමාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් හදුන්වා දීම මෙහිදී සිදු කෙරේ.
     
     
    තවද ඒ ආශ්‍රිත දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ හදුන්වා දීමක් හා ඒ සඳහා යොමු කිරීමේ වෘත්තිය මග පෙන්විමක්ද සිදු කිරිමට නියමිතය. එසේම මෙම ක්ෂේත්‍ර ආශ්‍රිත ස්වයං රැකියා පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන අය සඳහා අවශ්‍ය ව්‍යාපාරික කලමනාකරණ දැනුමද මෙහිදි ලබා දීමට අපේක්ෂා කරයි.
     
     
    මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
     
     
    AP/DMU- Rarnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya